ප්‍රමුඛ පුවත 1

කොස්කොළ ක්‍රෝටන් කොළ නිසා දකුණු පළාත් සභාව උණුසුම්

මන්ත්‍රිවරුන් පිරිසක් දකුණු පළාත් සභාව තුළට අද කොස් කොළ, ක්‍රෝටන් කොළ සහ තණකොළ ගෙන ඒම නිසා එහි උණුසුම් තත්ත්වයක් මතුවිය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සාලිය මෙන්ඩිස් පළමුව කොස් කොළ මල් මාලාවක් පැළඳ සභාවට පැමිණි අතර එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් ඔහුට උසුලූ විසුළු කළ බව වාර්තාවේ.

පසුව සන්ධාන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු කොස් කොළ සහ ක්‍රෝටන් කොළ පෙන්වමින් විරෝධය පළ කර ඇති අතර, ආණ්ඩුව නියඟයට මුහුණදීමට නිසි අයුරින් සූදානම් නොවූ බවට ඔවුහු චෝදනා කළහ.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු තණකොළ මිටියක් පෙන්වමින් ඒවා කොස් කොළ පෙන්වූ මන්ත්‍රිවරුන්ට ආහාරයට වඩා සුදුසු බව ප්‍රකාශ කිරීමත් සමඟ එහි උණුසුම් සංවාදයක් මතුවූ බව වාර්තවේ.

Related posts

හඳුනා නොගත් මළසිරුරක් සොයා ගැනේ

Mohamed Dilsad

ඩෙංගු රෝගීන් සඳහා ලබාදෙන ‘ඩෙක්ස්ට්‍රෑන් 40’ ඖෂධය පිළිබඳ පුවත් සාවද්‍යයි – සෞඛ්‍ය අමාත්‍යංශය

Mohamed Dilsad

අදත් පස්වරු 2 න් පසු වැසි..

Mohamed Dilsad

Leave a Comment