ප්‍රමුඛ පුවත 1

කොස්කොළ ක්‍රෝටන් කොළ නිසා දකුණු පළාත් සභාව උණුසුම්

මන්ත්‍රිවරුන් පිරිසක් දකුණු පළාත් සභාව තුළට අද කොස් කොළ, ක්‍රෝටන් කොළ සහ තණකොළ ගෙන ඒම නිසා එහි උණුසුම් තත්ත්වයක් මතුවිය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සාලිය මෙන්ඩිස් පළමුව කොස් කොළ මල් මාලාවක් පැළඳ සභාවට පැමිණි අතර එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් ඔහුට උසුලූ විසුළු කළ බව වාර්තාවේ.

පසුව සන්ධාන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු කොස් කොළ සහ ක්‍රෝටන් කොළ පෙන්වමින් විරෝධය පළ කර ඇති අතර, ආණ්ඩුව නියඟයට මුහුණදීමට නිසි අයුරින් සූදානම් නොවූ බවට ඔවුහු චෝදනා කළහ.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු තණකොළ මිටියක් පෙන්වමින් ඒවා කොස් කොළ පෙන්වූ මන්ත්‍රිවරුන්ට ආහාරයට වඩා සුදුසු බව ප්‍රකාශ කිරීමත් සමඟ එහි උණුසුම් සංවාදයක් මතුවූ බව වාර්තවේ.

Related posts

ප්‍රමිතියෙන් තොර ගිනීකූරු සහ යකඩ කූරු තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

නාමයෝජනා සඳහා විරෝධතා භාර ගැනීම ඇරඹේ [UPDATE]

Mohamed Dilsad

පාර්ලිමේන්තු කමිටු ක්‍රමය විශාල පිටුවහලක් – කථානායක [VIDEO]

Mohamed Dilsad

Leave a Comment