ප්‍රමුඛ පුවත 1

නාමල්ගේ නඩුවට දින නියම කරයි

(UTV|කොළඹ) –  අයථා ලෙස  මුදල් උපයා ගැනීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 05 දෙනෙකු සහ ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ පෙබරවාරි මස 16 වනදා ආරම්භ කිරීමට දින නියම කරයි.
අද මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් හමුවේ කැදවූ අවස්ථාවේදී නඩුවේ පළමු, දෙවන සහ තුන්වන සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සිතාසි නිකුත් කෙරුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේට් සමාගම වෙනත් සමාගමක් සමඟ සිදුකළ ගණුදෙනුවකදී අයථා ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීම ඇතුළු අධි චෝදනා 11ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෝඨාභය තවමත් ඇමෙරිකානු රජය හා බැඳී සිටිනවා – මර්වින් [VIDEO]

Mohamed Dilsad

ශ්‍රීලනිපයේ ආසන සංවිධායක ධුර අහිමි වූ අය මෙන්න

Mohamed Dilsad

ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් 01 සිට

Mohamed Dilsad

Leave a Comment