ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද අයදුම් කාලය දීර්ඝ කෙරේ

(UTV|කොළඹ)  – එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කිරීමේ කාලය දෙසැම්බර් 22දා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
පළමු නාමයෝජනා දැන්වීම සඳහා දෙසැම්බර් 14දා හා දෙවන නාමයෝජනා දැන්වීම සඳහා දෙසැම්බර් 22දා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය අවසන් වීමට නියමිතව තිබූ අතර රාජ්‍ය සේකයන්ගේ මෙන් ම පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම අනුව මෙම අදියර දෙක සඳහා ම වන තැපැල් ඡන්ද අයදුම්කිරීමේ කාලය මෙලෙස දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇතැයි ද සභාපතිවරයා කීය.
22දායි අනතුරුව යළිත් වරක් මෙම කාලය දීර්ඝ නොකිරීමට කටයුතු කරන බවත් තැපැල් ඡන්ද අයිතිවාසිකම හිමි රජයේ අත්‍යාවශ්‍ය සේවාවවන්හි නිරතවන නිලධාරීන්ට මේ සඳහා අයඳුම්කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ලාභ ලබයි

Mohamed Dilsad

ගෝඨාට සිංගප්පූරුව බලා පිටත්ව යාමට අවසර

Mohamed Dilsad

GSP +සහනයෙන් මත්ස්‍ය අපනයනයට විශාල වාසියක්

Mohamed Dilsad

Leave a Comment