විදෙස්

ධවල මන්දිරයේ නත්තල් ගස ආලෝකමත් කරයි(වීඩියෝ)

(UTV|ඇමෙරිකාව) – ධවල මන්දිරයේ නත්තල් ගහ ආලෝකමත් කිරීමේ විශේෂ උත්සවය පසුගිය දා පැවැත්විණි.

ඒ, ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ මෙලානියාගේ ප්‍රධානත්වයෙනි.

ධවල මන්දිරයේ යෝධ නත්තල් ගස සරසා එය ආලෝකමත් කිරීම ජනපති අතින් සිදුවීම ඇමෙරිකාවේ සම්ප්‍රදායයි. මෙවර නත්තල් ගසක් අලංකාර කෙරුණේ 95 වැනි වරටය.

නත්තල් ගස ආලෝකමත් කිරීම සිදුවූයේ මෙලානියාගේ ප්‍රධාන්වයෙනි. එම අවස්ථාවේදී නත්තල් ගී ප්‍රසංගයක් ද පැවැත්විණි. ප්‍රකට ගායික ගායිකාවන් සහ නළු නිළියෝ ද ඊට එක් වූහ.

ට්‍රම්ප් ඇමෙරිකා ජනපති ධුරයට පත් වූයේ මෙම වසරේ ජනවාරියේය. මෙය ට්‍රම්ප්ගේත් බිරිය මෙලානියාගේත් ඔවුන්ගේ පුතු බැරන්ගේත් පළමු ධවල මන්දිර නත්තල් සැමරුම වෙයි.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

නයිජීරියාවේ දේවස්ථානයකට ප්‍රහාරයක් : 50 දෙනෙක් මරුට

Mohamed Dilsad

නව වසර මුලින්ම උදාවූ රට

Mohamed Dilsad

බැග්ඩෑඩ් අගනුවර බෝම්බ පිපිරීමකින් 25ක් මරුට

Mohamed Dilsad

Leave a Comment