ප්‍රමුඛ පුවත 1

බංග්ලාදේශ “බිජෝයි” කොළඹ වරායට

(UTV|කොළඹ) – බංග්ලාදේශ නාවික හමුදාවට අයත් “බිජෝයි” නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (06) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගත් අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා ද සහභාගී විය.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත.
නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන දෙසැම්බර් 08දා මෙම නෞකාව ‍කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සමස්ත ආසාදිතයින් 2612 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

අකුණුසැර වැදී පුද්ගලයන් තිදෙනෙක් මියයයි…

Mohamed Dilsad

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාල චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය නිකුත් කිරීමට සුදානම්.

Mohamed Dilsad

Leave a Comment