විදෙස්

ශෂී කපූර්ගේ අභාවයට ඉන්දීය අගමැතිගේ ශෝකය

(UTV|ඉන්දියාව) – බොලිවුඩ් සිනමාවේ ප්‍රවීන සිනමා නළුවෙකු සහ චිත්‍රපට නිෂ්පාදකයෙකු වූ ශෂී කපූර්ගේ අභාවය පිළිබඳව දැඩි ලෙස කණගාටුවට පත් වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි පවසයි.

ඒ වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ ශෂී කපූර් දශක ගණනාවක් තිස්සේ සිනමාවේ දැක්වූ දස්කම් ඉදිරි පරම්පරා කිහිපයක්ම සිහිපත් කරනු ඇති බවයි.

වයස අවුරුදු 79ක් වූ ශෂී කපූර් ඊයේ අභාවප්‍රාප්ත වුණි.

දීවාර්, කබී කබී වැනි ජනප්‍රිය චිත්‍රපටවල රගපෑ ශෂී කපූර් බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු චිත්‍රපට කිහිපයක ද චරිත නිරූපණය කර ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.

ශෂී කපූර්ගේ අවසන් කටයුතු අද සිදුකෙරෙන ඥාතින් මාධ්‍ය වෙත පවසා තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

උතුරු කොරියාව නවතම දිගු දුර කෲස් මිසයිලයක් අත්හදා බලයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා වෛරසයෙන් සිදුවූ මරණ 37500 ඉක්මවයි

Mohamed Dilsad

විජේ මල්ල්යා බ්‍රිතාන්‍යයේ සිට යළි ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment