විදෙස්

ට්‍රම්ප්ගේ සංචාරක තහනමට අධිකරණයේ අනුමැතිය

(UTV|ඇමෙරිකාව) – මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලින් ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම වළක්වාලමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සංචාරක තහනම මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සඳහා ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අනුමැතිය ලබා දෙයි.

විශේෂයෙන් චැඩ්, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සිරියාව හා යේමනය යන රටවල  සංචාරකයින්ට මෙම තහනම ක්‍රියාත්මක වේ.

ඊයේ(04) 09 දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ විනිසුරුවන් 07 දෙනෙකු එම තහනමට එරෙහිව ප්‍රාන්ත අධිකරණ මගින් පනවා තිබූ අතුරු තහනම් නියෝග ඉවත් කිරීමට එකඟ වුණි.

මෙලෙස ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය හිමි වී ඇත්තේ ජනපති ට්‍රම්ප් ඉදිරිපත් කළ සංචාර තහනමේ 03 වන සංශෝධිත කෙටුම්පතටයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

විස්තීරණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනය ගැන තීරණයක්!

Editor O

ඉරානය අයන් ඩෝම් මගරින නවතම මිසයිලයකින් පහර දෙයි.. එහි පින්තූර තහනම්.. පලස්තීන අහස පාලනය තම මිසයිලවල බව කියයි…

Editor O

එවරස්ට් මනින්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment