විදෙස්

සිම්බාබ්වේ නව කැබිනට් මණ්ඩලය පත් කරයි

(UTV|සිම්බාබ්වේ) – සිම්බාබ්වේ නව ජනාධිපති එමර්සන් නන්ගග්වා සිය කැබිනට් මණ්ඩලය පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නව කැබිනට් මණ්ඩලය සදහා ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයින් ද සිටින බවය.

හමුදා ජෙනරාල්වරයෙකු වූ සිබු සිසෝ මෝයෝ විදේශ අමාත්‍යවරයා ලෙස පත් කිරීමට එමර්සන් නන්ගග්වා කටයුතු කර ඇත.

සිම්බාබ්වේ ගුවන් හමුදා ප්‍රධානී පෙරෙන්ස් ෂිරී කෘෂිකර්ම හා ඉඩම් සම්බන්ධ අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

නව ජනාධිපතිවරයා ලෙස පසුගිය සතියේ දිවුරුම් දුන් නන්ගග්වා එරට නව දියුණුවක් ඇති කිරීමට ගන්නා ලද මූලික පියවරයක් ලෙස මෙම පත්කිරීම් සිදු කර ඇත.

ජනාධිපතිවරයාගේ නව කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් විපක්ෂය දැඩි විරෝධය එල්ල කර තිබෙන බව ද වාර්තා වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පිලිපීනයේදී ගුවන් ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 10 දෙනෙකු මරුට

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ඇමරිකාවේ හදිසි තත්ත්වයක් අක්කර 2900ක ගොඩනැගිලි 13,000 අවධානමේ – 30,000ක පිරිසක් වහා ඉවත් කරයි.

Editor O

Leave a Comment