ප්‍රමුඛ පුවත 1

නිල්වලා පහළ නිම්නයේ ගංවතුර තත්ත්වය වර්ධනය විය හැකි බවට අනතුරු ඇඟවීම්

(UTV|කොළඹ) – දැනට පවතින වර්ෂාපතනය අනුව නිල්වලා පහල නිම්නයේ හා කිරම ආර අවට ගංවතුර තත්ත්වය මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බැවින් අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, මාතර, තිහගොඩ හා කඹුරුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල පදිංචි ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ගිං ගඟෙහි තවලම ජල මිනුම් ස්ථානය සාමන්‍ය මට්ටමේ පවතින අතර බද්දේගම ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමේ පවතින අතර එම තත්ත්වය ඉදිරි පැය 06ක කාලය තුළ තවදුරටත් ඉහළ යාමක් අපේක්ෂා කෙරේ.
කළු ගඟෙහි මිල්ලකන්ද ජල මිනුම් ස්ථානය සුළු ගංවතුර මට්ටමේ පවතින අතර එය ද තවදුරටත් වර්ධනය විය හැකිය.
පවතින වර්ෂාපතනය අනුව මෙම ගංඟාවන් ගංවතුර මට්ටම්වල තවදුරටත් ඉහළ යාමක් බලාපොරොත්තුවන බැවින් එම ගංඟා අවට පදිංචි ජනතාවට අවධානයෙන් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියෙකු මරුට

Mohamed Dilsad

හිස ආවරණය කරනගෙන පැමිණෙන අයව අපහසුතාවයට පත් නොකරන්න.

Mohamed Dilsad

මහාපරිමාණ හෙරොයින් ජාවාරමට සම්බන්ධ පස් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment