ප්‍රමුඛ පුවත 1

උඩවලවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මරුට

උඩවලව ජලාශයේ දියනෑමට ගිය තරුණයෝ දෙදෙනෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වෙති.

මෙලෙස මියගොස් ඇත්තේ කහවත්ත – උඩුහවුපේ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්.

පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති මොවුන් ඊයේ පස්වරුවේ ජලාශයේ දිය නෑම සඳහා පැමිණ ඇත්තේ තවත් තරුණයින් තුන්දෙනෙකුද සමඟය.

ඊයේ පස්වරුවේ එක් තරුණයෙකුගේ සිරුර පොලීසිය මගින් සොයාගත් අතර, අතුරුදන්ව සිටි අනෙක් තරුණයාගේ මළසිරුර අද උදෑසන නාවික හමුදාව මගින් සොයාගෙන තිබේ.

Related posts

ගෝඨාභය තවමත් ඇමරිකානු පුරවැසියෙක් – රෝසි [VIDEO]

Mohamed Dilsad

විශ්‍රාමික, ආබාධිත රණවිරුවන් සඳහා සේවා විශ්‍රාම වැටුපක්

Mohamed Dilsad

අසිරිමත් නත්තල අදයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment