ප්‍රමුඛ පුවත 1

තේ කර්මාන්තයේ නියැලෙන විශිෂ්ටයන්ට සම්මාන පිරිනැමීමට සුදානම්

 (UTV|නුවරඑළිය)  – තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සිටින විශිෂ්ටයන් තෝරා සම්මාන පිරිනැමීමේ උත්සවයක් පැවැත්වීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

මෙම උත්සවය දෙසැම්බර් 8 දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් පසුගියදා නුවරඑළිය මාගස්තොට පිහිටි පීඩෘ වතුයායේදී පැවැති උත්සවයකදීය.

මෙම තේ සම්මාන උත්සවයේ දී ලංකාවේ හොඳම තේ දළු නෙළන්නා සහ නෙළන්නියටත් සම්මාන පිරිනමන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට තහනම් නියෝගයක්

Mohamed Dilsad

ඉදිරි මහ මැතිවරණයට සජිත්ගේ නායකත්වය [VIDEO]

Mohamed Dilsad

කොම්පඤ්ඤවීදියේ මිනී මැරුමක්

Mohamed Dilsad

Leave a Comment