ප්‍රමුඛ පුවත 1

ශනිල් නෙත්තිකුමාරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභා කරයි

(UTV|කොළඹ) – තමන් අත්අඩංගුවට ගැනීම හෝ නඩු පැවරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ශනිල් නෙත්තිකුමාර නැමැත්තා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසරකින් තොරවම නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.

අද (28) ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්හ.

අනීකා විජේසූරියට සහ ඇගේ සොහොයුරු විජිත් විජේසූරියට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට ඔහු පසුගිය ඔක්තෝම්බර් 31 වනදා ගොණුකල සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් පෙන්වා දී තිබුණි.

පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂවරයා සහ නීතිපතිවරයා ඇතුලු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත .

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් තුන් ලක්‍ෂ පනස් දහස ඉක්මවයි

Mohamed Dilsad

හිටපු ජනපතිට එරෙහිව නොතීසි නිකුත් කරයි [VIDEO]

Mohamed Dilsad

කොරියානු විභාගයට පළමු දිනයේදී අයදුම්පත‍්‍ර 3931ක්

Mohamed Dilsad

Leave a Comment