ප්‍රමුඛ පුවත 1

අගමැති සහ ඉන්දීය විදේශ ඇමැති අතර සාකච්ඡා

(UTV|කොළඹ) – ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති අද්විතීය මිත්‍ර සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් කරලීම සඳහා අනාගතයේ ගත යුතු ක්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ ඇමතිනී ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර පැවති සාකච්ඡාවන්හි දී අවධාරණය කෙරිණි.

නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී  අද (24) මෙම සාකච්ඡා පැවැත්විණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සිදු කළ සාකච්ඡාවන් හි දී අවධාරණය කළ කරුණු සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් අදහස් හුවමාරු කර ගැණුනු අතර, ඉන්දු – ශ්‍රී ලංකා හවුල් ව්‍යාපෘතීන් කඩිමින් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ජපානය සහ සිංගප්පූරුව එක්ව ශ්‍රී ලංකාවේ වරායන් සංවර්ධනය හා නවීකරණය කරලීම උදෙසා ක්‍රියා මාර්ග ගැනීමේ අවකාශයන් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සංඳු, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්වූහ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

අනධ්‍යයන සේවක වර්ජනය පිළිබඳ මැතිවරණ කොමිසට පැමිණිල්ලක්

Mohamed Dilsad

සුනිල් ශාන්ත CIDය භාරයට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානයේ ද්වීපාර්ශවික වෙළඳ සබඳතා ශක්තිමත් කරන්න ඇමති රිෂාඩ්ට ඇෆ්ගන් රජයෙන් ආරාධනා

Mohamed Dilsad

Leave a Comment