ප්‍රමුඛ පුවත 1

වර්ජකයින් සුව ඇමති සමඟ සාකච්චාවකට සුදානම්

(UTV|කොළඹ) – වර්ජනයේ නිරත හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාව සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිත බව හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
වැඩිකල අතිකාල දීමනා කප්පාදුව, වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින්  හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය අද (22) පෙරවරුවේ සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කළ අතර එය හෙට පෙරවරු 07.00 දක්වා ක්‍රියාත්මක කරනු ඇත.
මේ හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්වූ බව අප වාර්තාකරුවෝ පවසති.

Related posts

හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා තවදුරටත් රිමාන්ඩ්

Mohamed Dilsad

INNOVATE SRI LANKA 2019 ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

කැප්පෙටිපොළ වීරවරයා ප‍්‍රමුඛ විරුවන්ට පිං පැමිණවීම ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment