විදෙස්

දුම්රිය පීලි පැන ඉන්දියාවේ 25 දෙනෙකු මරුට

(උදයම්,ඉන්දියාව) –  ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ විසිනගරම් ප්‍රදේශයේ ඊයේ සන්ධ්‍යාවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයෝ 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ.

ජග්දල්පූර් සිට ඔඩීෂා ප්‍රාන්තයේ අගනුවර වූ බූබනේෂ්වර් වෙත ගමන් ගත් දුම්රියේ එන්ජිම සහ මැදිරි හතක් මෙහිදී පෙරළී තිබේ.

පෙරළුනු දුම්රිය මැදිරි තුළ සිරවූ පුද්ගලයන් බේරාගැනීම අද පෙරවරුවේද සිදු කෙරුණි.

තුවාල ලැබූ විශාල පිරිසක් රෝහල් ගතකර තිබේ.

දුම්රිය පීලිපැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැතිබව ඉන්දීය දුම්රිය බලධාරීන් පවසයි.

Related posts

කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

ඉන්දියාව සඳ තරණයට සුදානමින්

Mohamed Dilsad

Leave a Comment