Trending News

උත්සව සමයේ පාරිභෝගිකයින් ආරක්‍ෂා කිරීමේ වැඩපිළිවෙලක්

(UTV|කොළඹ) –  එළඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයින් ආරක්ෂා  කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පියවර ගෙන තිබේ.
ඒ පාරිභෝගිකයින්ට වෙළෙඳපලේ දී සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සඳහාය.
දිවයින පුරා ආවරණය වන පරිදි ලබන වසරේ ජනවාරි 15 වන දින දක්වා මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඒ අනුව සෑම දිස්ත‍්‍රික්කයකම ඇති ප‍්‍රධාන තොග අලෙවිසැල් සහ ගබඩා පරීක්ෂා කිරීම, සිල්ලර වෙළෙඳසැල් වැටලීම, ජංගම වෙළෙඳුන් සහ සේල් වැනි ක‍්‍රියාකාරකම් විශේෂ අධීක්ෂණයකට ලක් කිරීම සිදුකිරීමට නියමිතයි.
මේ අතර  උත්සව සමය තුළ පාරිභෝගිකයින් වැඩි වශයෙන් මිලදී ගැනීම් සිදුකරන ඇඳුම් පැළදුම්ල විදුලි උපකරණ පිළිබඳව මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවා තැබීම පිළිබඳව ද මෙම වැඩසටහන යටතේ වැඩි අවධානයක් යොමු කරනු ඇත.
ඊට අමතරව වෙළෙඳපොල සිදුවන නව ප‍්‍රවණතා පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීම සඳහා අත්පත‍්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් ද ක‍්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

Related posts

Rs. 6 million worth mobile phones detected at BIA

Mohamed Dilsad

TNA to support UNF Government

Mohamed Dilsad

SLAMAC to mark anniversary with sports events at Padang

Mohamed Dilsad

Leave a Comment