ප්‍රමුඛ පුවත 1

ත්‍රිරෝද රථ රියදුරන්, රියදුරු මහත්වරුන් කිරීමට සැළසුමක්

(උදයම්,කොළඹ ) – මෙරට ත්‍රිරෝද රථ සේවාව මහත්මා සේවාවක් බවට පත් කිරීම සඳහා ලබන 25 වනදා සිට නියාමන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිතය.

 

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව  සඳහන් කළේ ත්‍රිරෝද රථ අනතුරු අවම කිරීම සඳහා අදාළ නියාමන වැඩපිළිවෙළේ අරමුණ වී තිබේ.

 

එම වැඩපිළිවෙළ යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින ත්‍රිරෝද රථ රියදුරන් සියයක් තෝරාගෙන මාස එකහමාරක කාලයක් ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට බලාපොරොත්තුවේ.

 

ත්‍රිරෝද රථ රියදුරන්ට නිල ඇදුමක් හඳුන්වාදීම සහ ඔවුන් තුළ වූ සංවරශීලි බව, ආචාරශීලි බව, නීතිගරුක බව මෙන්ම  මඟීන්ට කාරුණිකව සැලකීම යනාදී ආකල්ප ඇති කිරීම එහි තවත් අරමුණක් වී ඇත.

 

 

Related posts

මැතිවරණය පැවත්වෙන දිනය නිවේදනය කිරීම මෙම සතිය තුළ

Mohamed Dilsad

කතානායකවරයා දිනේෂ්ට යැවු ලිපිය

Mohamed Dilsad

දේශපාලන කටයුතුවලට ළමයි යොදා ගැනීමෙන් වළකින්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

Mohamed Dilsad

Leave a Comment