ප්‍රමුඛ පුවත 1

ස්වර්ණාභරණ සඳහා ප්‍රමිති මුද්‍රා තැබීම ලබන වසරේ සිට අනිවාර්යයි

ස්වර්ණාභරණ සඳහා ප්‍රමිති මුද්‍රා තැබීම ලබන වසරේ සිට අනිවාර්ය කිරීමට කටයුතු යොදන බව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

එම කටයුතු 2018 වසරේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව එම අධිකාරියේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

අඩු ප්‍රමිතියෙන් යුතු ස්වර්ණාභරණ වෙළදපොළට එක් වීම වැළැක්වීම සඳහාත් පාරිභෝගික සුරක්ෂිතතාව සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ දියුණුව අරමුණු කර ගෙන ඇති අතර අදාළ ගැසට් නිවේදනය මේ මස අවසානයේ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙතෙක් කර්මාන්ත කරුවන්ගේ කැමැත්ත මත පවතින නිතීමය රාමුව තුළ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පැමිණ ප්‍රමිති මුද්‍රා තබාගැනීම සිදු කෙරුණි.

නමුත් එයට රටපුරාම සිටින ස්වර්ණාභරණ කර්මාන්ත කරුවන් යොමු නොවේ.

එම නිසා ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා වෙළෙඳපළේ අලෙවි වන සෑම ස්වර්ණාභරණයක් සඳහාම අදාළ ඛාණ්ඩ යටතේ ප්‍රමිති මුද්‍රා තැබීම අනිවාර්ය කරන බව වැඩිදුරටත් ඒ මහතා පැවසීය.

 

Related posts

කංජිපානිව ලබන 9 වනදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Mohamed Dilsad

අදත් පාර්ලිමේන්තුව රැස්වේ

Mohamed Dilsad

ඩොලරය තවත් නගී

Mohamed Dilsad

Leave a Comment