ප්‍රමුඛ පුවත 1

සිංගප්පූරු විදේශ කටයුතු ඇමති දිවයිනට

(උදයම්,කොළඹ)  – සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය වී.බාලක්‍රිෂ්ණන් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ(17) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

ඔහු ලබන 21 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

මෙම සංචාරය තුළ දී අමාත්‍ය ආචාර්ය වී.බාලක්‍රිෂ්ණන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාද හමුවී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර පසුව ඔවුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද නියමිත බව වාර්තාවේ.

සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට රැඳී සිටින කාලය තුළ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇති අතර එහිදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවීමට ද නියමිතය.

Related posts

නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසට ජනපති නිදහස් සැමරුම් උළෙල අමතමින් කියයි

Mohamed Dilsad

වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් ලක්‍ෂ හයකට වැඩි පිරිසක් පිඩාවට

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment