ප්‍රමුඛ පුවත 1

මෙරට ජනමාධ්‍යවේදීන් සඳහා ජාත්‍යන්තර ඇකඩමියක්

(උදයම්,කොළඹ) – ජනමාධ්‍යවේදීන් සඳහා ජාත්‍යන්තර ඇකඩමියක් ආරම්භ කිරීමේ සැළසුම සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මාධ්‍යවේදීන් හා මාධ්‍ය මර්දනය පිළිබඳ පැවති කලුපැල්ලම ඉවත් කිරීමට යහපාලන රජයට හැකිවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනමාධ්‍යවේදීන්ට පුහුණු පාඨමාලා සඳහා මූල්‍යාධාර සැපයීමේ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට ඊයේ එක්වෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මේ බව පැවසීය.

මෙහිදී ජනමාධ්‍යවේදීන් 60දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව පිරිනැමිණි.

වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපනයට සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

Related posts

ඉන්ධන සහනාධාරයක් ලබා දීම ගැන අවධානය

Mohamed Dilsad

අබාධිත රණවිරුවන් අඛණ්ඩ සත්‍යග්‍රහයක

Mohamed Dilsad

සරු බිමක් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment