Trending News

නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද රජයට(UPDATE)

(උදයම්,කොළඹ)   –  පුද්ගලික රෝහලක් වන මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරා ගැනීමේ ගිවිසුමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අත්සන් තබයි.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් දෙපාර්ශවය ලෙස මෙම ගිවිසුමට අත්සන් තැබූණි.

මෙම රෝහල තුළින් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා දීමට බලාපොරොත්තු වන බවත්, නිදහස් රෝහලක් වශයෙන් පාලන මණ්ඩලයක් මඟින් එය මෙහෙය වීමට රජය බලාපොරොත්තුවේ.

මෙම රෝහල අගෝස්තු මස 1 වන දා සිට මෙය ශික්ෂණ රෝහලක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

(උදයම්,කොළඹ)   – මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද (17) නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පවරා ගැනීම සිදු කෙරේ.

අද පෙරවරු 10.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු කිරීමට නියමිතය.

ඒ අනුව එය ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යාමට නියමිතය.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මෙන් විශේෂ මණ්ඩලයක් මඟින් නිදහස් රෝහලක් ලෙස එය පවත්වාගෙන යනු ඇත.

මෙහි සෞඛ්‍ය සේවා කටයුතු අගෝස්තු මස පළමු වනදා සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

Related posts

“வடக்கு, கிழக்கு மக்களுக்கு வீடுகளை வழங்குவதில் விஷேட கவனம் தேவை” மன்னாரில் அமைச்சர் சஜித்திடம், அமைச்சர் ரிஷாட் கோரிக்கை

Mohamed Dilsad

கொம்பனிவீதியில் உள்ள பள்ளிவாசல் ஒன்றிலிருந்து வாள்கள் மீட்பு

Mohamed Dilsad

Indian arrested with gold worth Rs 1.6 million

Mohamed Dilsad

Leave a Comment