ප්‍රමුඛ පුවත 1

විහාරස්ථානවල කටයුතුවල මැදිහත්වීමට රජයට කිසිදු බලයක් නෑ – අගමැති

(උදයම්,කොළඹ)   –  විහාරස්ථාන පාලනය කිරීමට හෝ විහාරස්ථානවල කටයුතුවල මැදිහත්වීමට රජයට කිසිදු බලයක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තරුණ භික්ෂු එකමුතුවේ ස්වාමීන් වහන්සේලා පිරිසක් සමඟ ඊයේ(12) උදෑසන අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් කියා සිටියේය.

මාධ්‍ය විසින් නැති ප්‍රශ්න මැවීමට උත්සහ ගන්නා බවත් කිසි විටෙකත් ආගම සමඟ දේශපාලනය නොකරන ලෙසත් අගමැතිවරයා මෙහිදී දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටියේය.

අද වන විට බෞද්ධ ආගම සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් සිටිනනේ ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් බව ද අගමැතිවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

මේ අතර යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට සකස් කරමින් සිටින අතර ඒ තුළින් බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අහිමි නොකරන බව ද අගමැතිවරයා පැවසීය.

Related posts

අලව්ව සහ පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

Mohamed Dilsad

එළවළු මිල ගණන් දැන් ජංගම දුරකතනයට

Mohamed Dilsad

ජල ගාස්තු වැඩි වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment