ප්‍රමුඛ පුවත 1

වරෙන්තුකරුවන් 772 ක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ)    –   දිවයින පුරා සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 772කු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (12) අළුයම 1.00 සිට 5.00 දක්වා කාල තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 14,000කගේ සහභාගීත්වයෙන් මෙම අපරාධ නිවාරණ විශේෂ පොලිස් මෙහෙයුම දියත්කරනු ලැබීය.

එහිදී විවිධ අපරාධයන් සඳහා අවශ්‍ය කරන පුද්ගලයින් 110 දෙනෙකු අත්අඩංගුට ගෙන ඇති අතර හෙරොයින් සමඟ පුද්ගලයින් 85 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගංජා සම්බන්ධ නඩු 264ක් ද, නීති විරෝධි මත් පැන් සම්බන්ධ නඩු 221ක් ද, වැලි ප්‍රවාහනය, කසළ බැහැර කිරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධ නඩු 124ක් ද අදාළ කාලසීමව තුළ ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මීට අමතරව බීමත්ව රිය පැදවීම සම්බන්ධ නඩු 368ක් ද, රියදුරු බලපත්‍රය නොමැතිව රිය ධාවනය කිරීමේ නඩු 320ක් ද, අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීමේ නඩු 222ක්ද ලබාගෙන තිබේ.

මෙම මෙහෙයුමේදී ගිනි අවි 03ක්, අත් බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 22ක්, පොලීසිය බාරයට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Related posts

විදේශිකයන්ගේ උදරයෙන් කොකේන් ගුලි තොගයක් එළියට

Mohamed Dilsad

අද ඌවේ පළාතේ සියලු රෝහල් සහ වෛද්‍යවරුන් වර්ජනයක…

Mohamed Dilsad

“ජලනිම්න – හරිත අරණ” රැක් රෝපණ වැඩසටහන ජනපති ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික සෝමාවති පුදබිම අභියස දී ආරම්භ කෙරේ

Mohamed Dilsad

Leave a Comment