ප්‍රමුඛ පුවත 1

අද ඌවේ පළාතේ සියලු රෝහල් සහ වෛද්‍යවරුන් වර්ජනයක…

(UTV| කොළඹ) – ඌව පළාතේ සියලුම රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල රාජකාරියේ නිරතවන වෛද්‍යවරුන් අද (03) අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹන බව රජයේ ඌව පළාත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි

ඒ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියට සහ දෙමෝදර රෝහල් බලධාරීන්ට කරන ලද බැනවැදීම මෙම වර්ජනයට හේතුවයි.

දෙමෝදර රෝහල මැදින් මාර්ගයක් කැපීමට ඉඩනොදීමේ හේතුව මත අමාත්‍යවරයා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සහ දෙමෝදර රෝහලේ බලධාරීන් සිය කාර්යාලයට කැඳවා බැනවැදී තිබෙන අතර ඊට සමාව අයැද නොසිටීම මත මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට මුලික හේතුවයි.

ඒ අනුව ඌව පළාතේ රජයේ රෝහල්වල සහ රාජ්‍ය සෞඛ්‍ය ආයතනවලට අනයුක්තව සේවය කරන වෛද්‍යවරුන් 700ක් පමණ වර්ජනයේ නිරත වන බවත් වෛද්‍යවරුන් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානද වසා දමා එම රාජකාරිවලින් ඉවත්වී  ඇති බවත් දැනගන්නට ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජිතට ඇප දෙමින් දුන් නියෝගය මහාධිකරණය බල රහිත කරයි

Mohamed Dilsad

අනුර සේනානායක ඇප මත නිදහස්

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැයි දින සැමරුම් පණිවිඩය.

Mohamed Dilsad

Leave a Comment