ප්‍රමුඛ පුවත 1

සිසුන් 41 දෙනෙකු අත්අඩංගුවට

(උදයම්,පොළොන්නරුව) – අත් කපාගත් සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ පුවතක් පොළොන්නරුව,මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තාවේ.සිසුන් 41 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ පොළොන්නරුව,මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක ගුරුවරුන් විසින් මෙම සිසුන් පිරිස පොලීසිය වෙත භාරදුන් බව අප වාර්තාකරු පැවසීය.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන මෙම සිසුන්ගෙන් කිහිපදෙනෙකු මුලින්ම අත් කපාගෙන තුවාල සිදුකරගෙන ඇති බවය.

පසුව සෙසු පිරිසද ඔවුන් අනුගමනය කරමින් බ්ලේඩ් සහ කවකටු උපයෝගී කරගනිමින් සිය අත් කපාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.මෙලෙස සිසුවියන්ද සිරුර කපාගෙන ඇති බවටයි වාර්තා වේ.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පොලිස් භාරයට ගත් සිසුන් දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව දෙමව්පියන් වෙත භාරදී තිබේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සඳහා පොලිස් කණ්ඩායමක් අද දිනයේ එම පාසලට පිටත්ව යාමට නියමිතය.

Related posts

ඉදිරි මැතිවරණයට පොළොන්නරුවෙන් තරඟ කිරීමට හිටපු ජනපතිට ආරාධනයක්[VIDEO]

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

ලබන මස සිට දීපව්‍යාප්තව නීති විරෝධී මත්ද්‍රව්‍ය මැඩලීම්

Mohamed Dilsad

Leave a Comment