ප්‍රමුඛ පුවත 1

චීනයේ ව්‍යාපාරිකයින් පිරිසක් සහ චීන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් අතර හමුවක්.

(උදයම්,කොළඹ)  –   චීනයේ ව්‍යාපාරිකයින් පිරිසක් සහ චීන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ(11) පැවැත්විණි.

එහිදී රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍ෂේත්‍ර රැසක ආයෝජන ව්‍යාපෘති 47ක් හඳුනාගෙන ඇති බවය.

මෙම තාක්ෂණික පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමේ දී ශ්‍රී ලංකාවේ සිසුන් ට වැඩි ප්‍රමුඛත්වයක් ලබා දීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල නියෝජිතයින් කියා සිටියේය.

විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන පාඨමාලා සම්බන්ද විස්තර ලබා දෙන්නැයිද රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කෙළේය.

Related posts

25 වැනි ආසියානු කලාපීය සංසදයට සහභාගී වන මෙරට දුත පිරිස

Mohamed Dilsad

2019 අයවැය කලින් එයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගෙන කටයුතු කල යුතුයි – ඇමති රවී

Mohamed Dilsad

Leave a Comment