විදෙස්

වන්දි ඉල්ලීමට කටාරය සැරසෙයි

(උදයම්,කටාරය)   –   අසල්වැසි රටවලට එරෙහිව වන්දි ඉල්ලා සිටින බව කටාර් රජය පවසයි.

ඒ තමරට ආර්ථික වශයෙන් හුදෙකලා කරනු ලැබීමට එරෙහිවය.

ත්‍රස්තවාදයට උපකාර කරන බවට ඇමෙරිකාව ඇතුළු රටවල් කරන චෝදනා කටාරය විසින් දැඩිව ප්‍රතික්ෂේප කරයි.

නමුත් සෞදී අරාබිය, එක්සත් එමීරය,බහරේන් සහ ඊජිප්තුව යන අසල්වැසි රාජ්‍යයන් එරට සමඟ ගුවන් සහ නාවික සබඳතා අත්හිටවන ලද අතර එමගින් තමන් ආර්ථික වශයෙන් හුදෙකලා කරන ලද බවට ‘ඩෝහා’ පාලනය චෝදනා කරයි.

සියරටේ ව්‍යාපාරික සමාගම්වලට සහ පෞද්ගලික මට්ටමින් පුරවැසියන්ට අත් වූ පාඩුව සහ අලාභය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ‘ඩෝහා’ බලධාරීන් විසින් කමිටුවක් පත් කිරීමටද නියමිතය.

Related posts

තලෙයිබාන් පාලනයේ අලුත්ම නියෝගය

Mohamed Dilsad

ඇමෙරිකාවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

කොරෝනා වෛරසයෙන් ලොව පුරා 88,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment