Trending News

කොළඹ නගරය තුළ ගොඩගැසී ඇති කැළිකසල ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට පොරොන්දුවක්

(උදයම්,කොළඹ)   –  කොළඹ නගරය තුළ ගොඩගැසී ඇති කැළිකසල ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව රජය පවසයි.

මුතුරාජවෙල අභය භූමියට කැළිකසල බැහැර කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව කොළඹ ප‍්‍රදේශයේ එකතු වන කැලිකසල බැහැර කිරීම පිළිබඳව මේ වන විට ගැටළුවක් මතුව තිබේ.

මේ සම්බන්ධයෙන් ආ කල විමසීමකදී  බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතා පැවසුවේ සනීපාරක්‍ෂක කසල රඳවනයකට මෙම කසල බැහැර කිරීම සඳහා කටයුතු සුදානම් කරන බවය.

මෙම තීරණයට පාඨලී චම්පික රණවක සහ ෆයිසර් මුස්තාෆා යන අමාත්‍යවරුන්ද එකඟතාවය පල කර තිබේ.

ඒ අනුව ගැටළුවක් ඇති නොවන ආකාරයට කැළිකසල බැහැර කිරීමට හැකි ස්ථාන පිළිබඳව ද මේ වන විට හඳුනාගෙන ඇති බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවර පැවසීය.

 

Related posts

Court prohibits political work at Narahenpita Abhayarama Temple

Mohamed Dilsad

සූජීව සේනසිංහ මහතාගේ කොල්ලුපිටිය නිවස පොලිසියෙන් සෝදිසි කරයි. – සැක කටයුතු කිසිවක් හමුවී නැහැ.

Editor O

Central Bank to stop making payments for defaced currency notes

Mohamed Dilsad

Leave a Comment