Trending News

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ මහනායක ස්වාමීන් වහන්සේලා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාව අද

(උදයම්,කොළඹ)  – රටේ වත්මන් තත්ත්වය පිළිබඳ මහනායක ස්වාමීන් වහන්සේලා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වේ.

මෙහිදී මල්වතු අස්ගිරි පාර්ශ්වය ඇතුළු ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණගැසී රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

පස්වරු 2.30ට  මහනුවර ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව පැවැත්වීමට නියමිතය.

පෙරේදා (04) අස්ගිරි මහ විහාරයට රැස් වූ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය ආණ්ඩුවට ඉදිරිපත් කිරීම සඳහා යෝජනාවලියක් සම්මත කර ගත්හ.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව එහි දී සම්මත කර ගත් එක් යෝජනාවකි.

සංශෝධිත ව්‍යවස්ථාවක් පමණක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සති දෙකකට පෙර මහා සංඝරත්නයට ඉදිරිපත් කළ යුතු බව එම යෝජනාවේ අන්තර්ගත බව වාර්තාවේ.

මේ ඇතුළු මහ සංඝරත්නය සම්මත කර ගත් යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත භාර දීම ද මෙහි දී සිදු කිරීමට නියමිතය.

Related posts

Former Japanese Premier calls for boosting Sri Lanka – Japan ties

Mohamed Dilsad

Navy rescues fishermen distressed in the sea

Mohamed Dilsad

Shooting in India was intimidating: Chris Hemsworth

Mohamed Dilsad

Leave a Comment