ප්‍රමුඛ පුවත 1

මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 08 දින සිට

(උදයම්,කොළඹ)  –  මෙවර අ.පො.ස උසස් පෙළ  විභාගය 2017 අගෝස්තු මස 08 දින සිට 2017 සැප්තැම්බර් මස 2 වන දින දක්වා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 305ක් යටතේ දිවයිනපුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2230ක පැවැත්වීමට සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අද(5) අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව පවසා තිබේ.

මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 315227ක් පෙනී සිටීමට නියමිත අතර ඉන් 23943 ක් පාසල් අයදුම්කරුවන් වන අතර 77284 පෞද්ගලික අයදුම්කරුවන් වේ.

තවද මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යටතේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3014 ක දී පැවැත්වීමට සියලු කටයුතු මේ විට සූදානම් බවත් විභාගය සඳහා අයදුම්කරුවන් 356728ක් පෙනී සිටීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

හෝටල් සහ ආපන ශාලා සදහා නව නීති රීති

Mohamed Dilsad

මිගමුව ප්‍රදේශයෙන් සිම් කාඞ්පත් 1500 ක් සොයාගැනේ.

Mohamed Dilsad

ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය මුල්‍ය අර්බුධයක..

Mohamed Dilsad

Leave a Comment