ප්‍රමුඛ පුවත 1

වදිනහෙලයාය කදු රක්ෂිතයේ ගින්න තවමත් පැතිරේ. බලධාරීන් නිහඬයි

(උදයම්,මොණරාගල)   –  ඊයේ (04)  පස්වරුවේ  වැල්ලවාය වරුනගම වදිනහෙලයාය කදු රක්ෂිතයේ හටගත් විශාල ගින්න තවමත්  පැතිරෙමින් පවතින බව වාර්තාවේ.නමුත් මෙම ගින්න මැඩලීමට මෙතෙක් කිසිවෙකුත්  පැමිණ නොමැත.

අප වාර්තාකරු පැවසුවේ පවතින දැඩි සුලං තත්ත්වය සහ වියලි කාලගුණය නිසා ගින්න තවදුරටත් පැතිරෙන බවය.

ගින්නෙන් රක්ෂිතයේ අක්කර විස්සකට වඩා වැඩි ප්‍රමාණයක්  විනාශ වී ඇත.

මෙම ගින්න නිසා රක්ෂිතයේ ඉපැරණි ශාක විනාශ වී ගොස් ඇති අතර වන සතුන් රැසක් මරණයට පත්ව ඇති බවත් වාර්තාවේ.

 

Related posts

නත්තල් දිනට සමගාමීව මුද්දර දෙකක් නිකුත් කෙරේ

Mohamed Dilsad

අමරදේව ශූරීන් අනුස්මරණය වෙනුවෙන් උදා ගම්මාන 25ක්

Mohamed Dilsad

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment