ප්‍රමුඛ පුවත 1

නානුඔය කලහකාරී ලෙස හැසිරුණු පිරිස රක්ෂිත බන්ධනාගාරයට

(උදයම්,නුවරඑළිය)   –   නානුඔය නගරයේදී ටිපර් රථයක ගැටී පාසල් සිසුවියක මිය යාමේ සිද්ධිය මුල් කර ගනිමින් කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වී තිබූ පුද්ගලයින් 39 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

මෙම පුද්ගලයින් ඊයේ(4) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් රුවන් ඉන්දික සිල්වා මහතා නියෝග කර ඇත.

පසුගිය මස 15 වන දින නානුඔය නගරයේදී ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරෙන් පාසල් සිසුවිය මිය යාමෙන් පසු කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අදාළ ටිපර් රථයට ගිනි තබා මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද බාධා කර තිබේ.

පසුව පොලීසිය විසින් කලහකාරීව හැසිරුණු සැකකරුවන් හඳුනාගෙන  අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර අධිකරණය විසින් ඔවුන්ට සිතාසි නිකුත් කර තිබේ.

ඒ අනුව සැකකරුවන් ඊයේ(4) අධිකරණයට භාර වූ බවයි නුවරඑළිය පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා සඳහන් කළේය.

මීට පෙරද මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 6 දෙනෙකු නුවරඑළිය පොලිසියේ අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව නානුඔය පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 8 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමටද පියවර ගැනුණි.

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිකුත් කරන්න සුදානම්

Mohamed Dilsad

ත්‍රිපිටකාභිවන්දනා සතිය ඇරඹේ

Mohamed Dilsad

අවසන් තීරණයක් ගන්නා එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය අදයි

Mohamed Dilsad

Leave a Comment