ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍යවරු වර්ජනය කල් දමයි

(උදයම්,කොළඹ)  –  රජයේ වෛද්‍යවරු හෙට(05) සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යෑමට සුදානම් වුවද එය කල් දැමීමට තීරණය කර තිබේ.

ඊයේ(03) කොළඹදි මාධ්‍ය හමුවක් කැඳවමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේ සයිටම් ගැටලුව විසඳීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් හෙට(05) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ඇරඹීමට  මධ්‍යම කාරක සභාව අනුමැතිය ලබාදුන් බවය.

නමුත් මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සිය වර්ජනය සතියකින් කල් දැමීමට තීරණය කළ බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පැවසීය.

 

Related posts

මහල් 75 කින් යුත් ශී‍්‍ර ලංකාවේ උසම ගොඩනැගිල්ල ඉදිකිරීම ඇරඹේ

Mohamed Dilsad

කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

පොලිස් ලොක්කන් පිරිසකට ස්ථාන මාරුවීම

Mohamed Dilsad

Leave a Comment