ප්‍රමුඛ පුවත 1

මුහුදු කූඩැල්ලන් ජාවාරමකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

(උදයම්,මන්නාරම)  –  මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් ජාවාරමේ නිරත  පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද(4) උදෑසන  නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක්  සහ වංකාලේ පොලිසීයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින් මුහුදු කූඩැල්ලන් සහ මෝරවරල් තොගය ඩිංගි යාත්‍රාවක් තුළ මළු 20ක සගවා ප්‍රවාහනය කරමින් සිට තිබේ.

එහිදී මෝරවරල් කිලෝග්‍රෑම්  553ක් සහ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 317ක් සොයා ගැනුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා යාපනය රේගු අධිකාරී කාර්යාලය වෙත බාරදීමට නියමිතය.

Related posts

අක්ෂි කාච මිල අඩු කිරීමේ ලාභය ජනතාවට නොලැබීම ගැන පරීක්ෂණයක්

Mohamed Dilsad

සීනිගම මහා දේවාල භූමි කොටසක් විනාශ වේ

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපලේ හදිසි විදුලිය බිඳවැටීම යළි යථාතත්වයට

Mohamed Dilsad

Leave a Comment