Trending News

ඇමෙරිකානු නිදහස් දිනය වෙනුවෙන් ජනපති මෛත්‍රීගෙන් සුබ පැතුම්

(උදයම්,කොළඹ)  –  ඇමෙරිකාව සිය 241 වන නිදහස් දිනය අද සමරනු ලබයි.

මේ වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබේ.

එමගින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ 1948 වසරේ සිට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් දා පටන් ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ශක්තිමත් සහයෝගීතාවක් පැවැති බවයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික එකමුතු රජය පත්වීමෙන් අනතුරුව දෙරට අතර සබඳතා උත්කෘෂ්ඨ ලෙස වර්ධනය වී ඇති බව ජනාධිපතිවරයා යැවූ පණිවුඩයේ දැක්වේ.

ප්‍රජාතන්ත්‍රවාදී අගයන් සුරැකීමේ පොදු කැපවීම සහ වෙළඳ හා ව්‍යාපාරික සබඳතාවලදී දෙපාර්ශවයටම යහපත සැලසෙන අයුරින් කටයුතු කරමින් ඉදිරියටත් එම සබදතා ශක්තිමත් කරලීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

சீனாவின் மற்றுமொரு மைல்கல்…(VIDEO)

Mohamed Dilsad

முகத்தை முழுமையாக மூடி தலைக்கவசம் அணிவோரை கைது செய்ய முடியும்

Mohamed Dilsad

Motorists in Dubai urged to upgrade licence plates

Mohamed Dilsad

Leave a Comment