ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රි එස්.එම් චන්ද්‍රසේන මහතාගේ පුත්‍රයා පැදවූ රියේ ගැටී පුද්ගලයෙකු රෝහලේ

(උදයම්,කොළඹ)  –  පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් චන්ද්‍රසේන මහතාගේ පුත්‍රයා අපරීක්ෂාකාරී ලෙස පැදවූ බව කියන කැබ් රථයක ගැටීමෙන් මෝෆේඩ් යතුරු පැදියක ගමන් කළ වයස්ගත පුද්ගලයෙකු බරපතළ තුවාල ලබයි.

ඊයේ (02) රාත්‍රියේ දී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

අනුරාධපුර මාත‍ලේ ප්‍රධාන මාර්ගයේ කුරුන්දන්කුළම කිරියගස් හන්දිය ආසන්නයේදී මෙලෙස යතුරු පැදියකින් පැමිණි වයස්ගත පුද්ගලයෙකු කැබ් රථයේ ගැටී අනතුරට ලක් විය.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුරෙන් පසු කැබ් රථය පැදවූ හිටපු ඇමැති පුත්‍රයා ද රෝහල් ගතවී ඇත.

සුක්කානම පපුවේ වැදීමෙන් තුවාල ලබා ඇති ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තාවේ.

 

Related posts

පා.ම දයාසිරි අද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට.

Mohamed Dilsad

ශිෂ්‍යත්වය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍යයි – අධ්‍යාපන ඇමති…

Mohamed Dilsad

නාලක ද සිල්වා ජාතික රෝහලට..

Mohamed Dilsad

Leave a Comment