ප්‍රමුඛ පුවත 1

රථ වාහන දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වී සිටින රියදුරන්ට සහනයක්

(උදයම්,කොළඹ)  – තැපැල් සේවක වර්ජනය හේතුවෙන් රථ වාහන දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වී සිටින රියදුරන්ට සහනයක් ලබා දීමට පොලිසිය තීරණය කර තිබේ.

එ අනුව රථ වාහන වැරදි සම්බන්ධයෙන් දඩ පත‍්‍රිකා ලබා ගෙන ඇති රියදුරන් අදාළ පොලිස් ස්ථානයට ගොස් රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා හමුවිය යුතු බව පොලිස් රථ වාහන හා අපරාධ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා සඳහන් කළේය.

එහි දී අදාළ ස්ථානාධිපතිවරයා විසින් දඩ පත‍්‍රිකාවේ ඒ පිළිබඳ සටහනක් තබා ඔහුගේ නිල මුද්‍රාව සහිත සහතිකය ද තබන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

එලෙස සටහන් තබන දඩ පත‍්‍රිකාවට අදාල රියදුරු බලපත‍්‍ර අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන බව හෙතෙමෙ පැවසීය.

තැපැල් සේවක වර්ජනය අවසන් වූ වහාම අදාල දඩ මුදල ගෙවා රියදුරු බලපත‍්‍රය ලබා ගත යුතු බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

Related posts

මාතර හා සපුගස්කන්ද බලාගාර දෙකකින් විදුලිය මිලට ගැනීමට තීරණයක්

Mohamed Dilsad

වෘත්තිකයන් පත් කිරීම සඳහා විශේෂ කමිටුවක්

Mohamed Dilsad

මරදානේදී අනතුරට ලක්වූ සුපිරි මෝටර් රථයේ මත්ද්‍රව්‍ය

Mohamed Dilsad

Leave a Comment