විදෙස්

ත්‍රස්තවාදයට එරෙහි ට්‍රම්ප්-මෝඩි මෙහෙයුම

(උදයම්,ඇමෙරිකාව)  – ඊයේ(26) ධවල මන්දිරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රථම නිළ සාකච්ඡාව සඳහා හමු විය.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එහිදී ඉන්දියාවේ සංචාරය කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ පවුලටම නරේන්ද්‍ර මෝදි ආරාධනා කර තිබේ.

ආර්ථික වශයෙන් ඉන්දියාව අද සාර්ථක පෙර ගමනක නිරත වන බව ජනපති ට්‍රම්ප් එහිදී සදහන් කර ඇත.

පසුව ඔවුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද එක්වූහ.

එහිදී නායකයන් දෙදෙනාම ත්‍රස්තවාදයට එරෙහිව එක්වීමේ වැදගත්කම අවධාරණය කළා.

ඇෆ්ගනිස්ථානය සහ ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කළ අතර, ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර සබදතා මෙතරම් ශක්තිමත් ලෙස නොපැවති බවය.

Related posts

ගූගල් වෙතින් කොරෝනා සටනට ඩොලර් මිලියන 800 ක්

Mohamed Dilsad

ඇමසන් ලැව්ගින්න නිවීමට අවශ්‍ය විදේශාධාර ලබා ගැනීමට බ්‍රසීලයේ කැමැත්ත

Mohamed Dilsad

කොරෝනා XE වයිරසය වැළඳුණු රෝගියකු ඉන්දියාවෙන්

Mohamed Dilsad

Leave a Comment