Trending News

ඩෙංගු කළමනාකරණ සජීවී රූපවාහිනී සංවාදය අද

(උදයම්,කොළඹ)   –  ඩෙංගු රෝගය මැඩපැවැත්වීම හා කසළ කළමනාකරණය  පිළිබඳ සාකච්ඡා කරන සජීවි රූපවාහිනි සංවාදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24)  රාත්‍රී 9.30 සිට රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනි නාලිකාවන් රැසක් ඔස්සේ සජීවී ව විකාශය කෙරේ.  කාලීන වශයෙන් ඉතාමත් වැදගත් වන මෙම මාතෘකාවට අදාළව රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පැහැදිළි කිරීම මෙන්ම මෙම විෂයය පිළිබඳව මහජනතාව නිසි පරිදි දැනුවත් කිරීම මෙහි අරමුණ වේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ පැවැත්වෙන මෙම සජීවී සංවාදය ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනී සේවය මෙන්ම  ටී.වී.දෙරණ, ස්වර්ණවාහිනිය, සියත, සිරස, හිරු හා ටී.එන්.එල් නාලිකාව යන රූපවාහිනී නාලිකාවන් තුළින්ද විකාශය කිරීමට නියමිතය. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඉංජිනේරු මහේෂ් ජයවීර, විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා යන  මහත්වරුන් ද මෙම සංවාදය සඳහා  සහභාගි වෙති.
මෙම සජිවි සංවාදය සඳහා එක් එක් රූපවාහිනි නාලිකාවන්ගෙන් නියෝජිතයකු බැගින්  සහභාගි වන අතර එම මාධ්‍යවේදීන්ට මෙම විෂය හා සම්බන්ධ සියලු ගැටලු ජනාධිපතිතුමා වෙත  හා සහභාගිවන සෙසු විද්වත් මණ්ඩලය  වෙත විවෘතව යොමු කළ හැකිය.
ඒ අනුව, රටේ වඩාත්ම කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති ඩෙංගු රෝගය මැඩපැවැත්වීම හා කසළ කළමනාකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු සියලු කරුණු මෙම විද්වත් පිරිස  සමග විවෘත ව සාකච්ඡා කොට ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමට මේ තුළින් අවස්ථාව සැලසෙනු ඇත.

Related posts

Four Lankans arrested by Q branch Police in Tamil Nadu

Mohamed Dilsad

Brolin, Dinklage are “Brothers” for new comedy

Mohamed Dilsad

India eases travel advisory to Sri Lanka

Mohamed Dilsad

Leave a Comment