ප්‍රමුඛ පුවත 1

වැසි ඇති වන විට අකුණු අනතුරු අවම කරගන්නැයි උපදෙස්

(උදයම්,කොළඹ)   –  අද(23) දිනයේ සිට දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසිතත්වයේ තරමක වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහවයඹ පළාත්වලත් ගාල්ලසහමාතරදිස්ත්‍රික්කවලත්විටින්විටවැසිහෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

සමහර ස්ථාන වල, විශේෂයෙන්කොළඹ, රත්නපුරය, කෑගල්ල සහ කළුතරදිස්ත්‍රික්කවල (මි.මි. 50ටවැඩි) තරමකතද වැසි බලාපොරොත්තු විය හැක.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

අරුවක්කාලු අංගනයට ආ ටිපර් රථ 28 කට ජනතා විරෝධය

Mohamed Dilsad

රටේ වගකීම භාර ගැනීමට සුදානම් – ඇමති සජිත් කියයි

Mohamed Dilsad

දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment