ප්‍රමුඛ පුවත 1

සයිටම් විරෝධයට අධිකරණ නියෝගයක්

(උදයම්,කොළඹ)  – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් අද (21දා) සංවිධානය කරනු ලබන  සයිටම් විරෝධතා පාගමන සාමකාමීව හා නීත්‍යානූකූල අයුරින් පැවැත්වීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ.

විරෝධතා පාගමන සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

මෙම විරෝධතාවය මහජනතාවට හා රථ වාහනවලට බාධාවක් ඇතිවන ආකාරයෙන් පවත්වාගෙන යාමෙන් වැළකී සිටිය යුතු බවට නියෝග කර ඇති අතර, විශේෂයෙන් ජනපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් හා සාමය කඩවන ආකාරයට ඇතුළු වීමෙන් වැළකිය යුතු බවටද නියෝග කර තිබේ.

Related posts

අලුත් අවුරුදු ගැටුමකින් 5ක් රෝහලේ

Mohamed Dilsad

මානව හිමිකම් කොමිසමට දේශීය වෛද්‍ය විද්‍යා සිසුන්ගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

නියමිත වේලාවට ගුවන් මෙහෙයුම් වැඩිම ප‍්‍රතිශතයක් සිදුකළ ගුවන් සේවය ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

Mohamed Dilsad

Leave a Comment