ක්‍රීඩා

ග්‍රැහැම් ෆෝර්ඩ් 28 වනදා යළි දිවයිනට

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් දකුණු අප්‍රිකාව බලා ගොස් ඇත්තේ 28 වැනිදා දක්වා නිවාඩු ලබාගෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි .
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලදාරී ජෙරම් ජයරත්න සදහන් කලේ ඔහු මේ මස 28 හෝ 29 යළි ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවය .

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් ශ්‍රී ලංකාව හැර ගොස් ඇති බවට පලවන ප්‍රචාරයන් වලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් ගේ කොන්ත්‍රාත් කාලය තවත් වසරකට වඩා පවති.

නව පුහුණුකරුවෙකු පත් කරගැනීමක් සිදු කිරීමට නම් ක්‍රිකට් විධායක කමිටුව ඊට අනුමැතිය පලකල යුතුය.

ක්‍රිකට් විධායක කමිටුවක් නැවත රැස් වීමට නියමිතව ඇත්තේ මේ මස 29 වැනිදාය.

Related posts

බෝල බැඩ්මින්ටන් නමින් ශ්‍රී ලංකාවට අලුත් ක්‍රීඩාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට 321ක ඉලක්කයක්

Mohamed Dilsad

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ සමාප්ති උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment