ප්‍රමුඛ පුවත 1

අදුරු කළ වීදුරු සහිත වාහන අල්ලන්න අද සිට පොලිස් මෙහෙයුම්

අද සිට තිර රෙදි ආවරණ හා දෙපස  අඳුරු වීදුරු භාවිතා කරන රථ වාහනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
විශේෂයෙන් මෝටර් රථවල රියදුරු අසුනේ දෙපස තිරරෙදි මගින් ආවරණය කර ධාවනය කිරීම හේතුවෙන් අනතුරු ඉහළ යාම නිසා මෙම තීරණය ගෙන තිබේ .

ඒ අනුව අද (19) සිට 31 දක්වා පොලිස් ස්ථාන මට්ටමින් රථ වාහන මෙහෙයුමක් දියත්කරනු ඇත.

එහිදී අඳුරු වීදුරු සහ තිර රෙදි සහිතව ධාවනය කරන වාහන සඳහා රථ වාහන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් ඒවා ගලවා ඉවත් නොකරන වාහන සඳහා අධිකරණයේ නඩු පැවරීමට ක්‍රියා කරන ලෙසත් රථ වාහන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කේ. පාලිත ප්‍රනාන්දු මහතා විසින් පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබේ.

Related posts

අරුවක්කාලු වෙත කසල රැගෙන ගිය ටිපර් රථයකට අදත් ප්‍රහාරයක්

Mohamed Dilsad

පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ චක්‍රලේඛයක්

Mohamed Dilsad

ජනපතිට සහ අගමැතිට සිතාසි

Mohamed Dilsad

Leave a Comment