ප්‍රමුඛ පුවත 1

රන් භාණ්ඩ කොල්ලයට අතදන්ගුවට් ගත පොලිස් නිලධාරීන් ඇතුළු පිරිස රිමාන්ඩ්

(උදයම්,කොළඹ)  –  රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිළධාරින් 05 දෙනා සහ සිවිල් පුද්ගලයින් සිව් දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර ඇත.

පෙරේදා(15)  දිනයේදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා ඊයේ (16) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර ඇති අතර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතාගේ ළඝු ලේඛකවරයාට එම සැකකරුවන් හඳුනාගැනීමට නොහැකි විය.

කෙසේවෙතත් ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර තිබේ.

Related posts

අන්තර කැඳවුම්කරු සහ ටැම්පිටියේ සුගතානන්ද හිමි යළි රිමාන්ඩ්

Mohamed Dilsad

අකුණු සහ තද සුළඟින් ආරක්‍ෂා වන්නැයි කාලගුණ අංශ වලින් උපදෙස්

Mohamed Dilsad

කටුපොල් වගාව පිලිබඳ රොමේෂ් කරුණු දක්වයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment