Trending News

විග්නේෂ්වරන්ගෙන් පොරොන්දුවක්

(උදයම්,යාපනය)  –  තමන්ගේ රාජකාරිය නියමාකාරව ඉටු කරන බවත් ඔහුගේ සේවය දිගටම ජනතාවට ලබා දෙන බවත් විශ්වාස භාගං යෝජනාවක් ඉදිරිපත් වී ඇති උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා පැවසීය.

විග්නේෂ්වරන් මහතා මේ බව පැවසුවේ ඔහුට සහයෝගය පළ කරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පැවැදි විරෝධතාවයක් අමතමිනි.

මහ ඇමැතිවරයාට එරෙහි විශ්වාස භංගයට විරෝධය පාමින් පසුගිය (15)දා දිනය පුරා යාපනයේදී හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විණි.

මේ සඳහා ප්‍රදේශයේ සියලු පාසල්, සාප්පු සංකීර්ණ වසා දමා තිබුණු අතර පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවාද නවතා දමා තිබිණි.

මහ ඇමැතිවරයාට සහාය පළ කරමින් විශාල පිරිසක් අදත් මහ ඇමැති කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වූහ. විරෝධතාවය අවසානයේ එතැනට ආ මහ ඇමැතිවරයා උද්ඝෝෂකයන් ඇමැතීය.

Related posts

தேசிய கணக்காய்வு அறிக்கை தொடர்பான இரண்டாம் கட்ட விவாதம் பாராளுமன்றில் இன்று

Mohamed Dilsad

Gazette issued banning full face veil in Sri Lanka

Mohamed Dilsad

சீன ஜனாதிபதி வடகொரியா விஜயம்

Mohamed Dilsad

Leave a Comment