Trending News

දුම්රිය මාර්ගවල සිදු වන අනතුරු අවම කිරීමට නව වැඩපිළිවෙලක්

(උදයම්,කොළඹ) – මේ වසරේ ගතවූ කාලය තුළ දුම්රිය මාර්ගවල සෙල්ෆි ඡායාරූප ගැනීම සහ වෙනත් ක්‍රියාකාරකම් කිරීමට යාමෙන් ජීවිත 20 ක් පමණ අහිමි වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දුම්රිය මාර්ගවල අපරික්ෂාකාරී ලෙස ගමන් කරමින් විවිධාකාර ක්‍රියාකාරකම්වල නිරත වන පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ නීතිමය වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සුදානම් බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා  පවසයි.

පසුගිය කාලය තුල  දුම්රිය මාර්ගවල ගමන් කරමින් සෙල්ෆි ඡායාරූප ගැනීම සහ දුම්රියට පැන සිය දිවි හානි කර ගැනීමේ සිද්ධීන් නිතර වාර්තා වූ අතර ඒ පිළිබඳව අප කල විමසීමකදී දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම කරුණු සලකා බලමින් ඉදිරියේදී දුම්රිය ආරක්ෂක අංශයේ සහ මහජනතාවගේ සහාය ඇතිව නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි දුම්රිය ගමනාගමන අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය .

Related posts

ஐக்கிய தேசிய கட்சியின் மறுசீரமைப்பு..

Mohamed Dilsad

Captured Indian Pilot, freed by Pakistan [UPDATE]

Mohamed Dilsad

தைவானில் 6.4 ரிக்டர் அளவில் சக்திவாய்ந்த நிலநடுக்கம்

Mohamed Dilsad

Leave a Comment