Trending News

තැපැල් සේවක වර්ජනය ඇරඹේ

(උදයම්,කොළඹ)  –  පෞරාණික තැපැල් කාර්යාල කිහිපයක් සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා ලබාදීමේ සූදානමට එරෙහිව තැපැල් සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

මේ අතර සියලූ තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමේ චක්‍රලේඛයක් ඊයේ පස්වරුවේ නිකුත් කෙරුනි.

නමුත් මෙම චක්‍රලේඛ හරහා සිය වෘත්තිය අරගලය අඩපණ කළ නොහැකි බව චින්තක බණ්ඩාර සඳහන් කරයි.

කෙසේ වෙතත් නිවාඩු අවලංගු කිරීමේ චක්‍රලේඛය උල්ලංඝණය කරමින් කටයුතු කරන සේවකයින් සම්බන්ධයෙන් කළමණාකාරීත්වය දැඩි තීරණයක් ගන්නා බවයි තැපැල්පති රෝහණ අබේරත්න සඳහන් කළේ.

 

Related posts

හිටපු ජනාධිපති රනිල්ගෙන්, විපක්ෂ නායක සජිත් ට ඇරයුම්

Editor O

ரஜினிக்கு வாழ்நாள் சாதனையாளர் விருது [VIDEO]

Mohamed Dilsad

பொலிஸ் உயர் அதிகாரிகளின் விஷேட கலந்துரையாடல் இரத்து-பொலிஸ் மா அதிபர்

Mohamed Dilsad

Leave a Comment