ව්‍යාපාරික

ආපදා වලින් හානියට පත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත යළි නගා සිටුවීමට කඩිනම් පියවර-ඇමති රිෂාඩ්

(උදයම්,කොළඹ)  –  ජල ගැලීමෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ , මධ්‍ය පරිමාණ සහ ක්‍ෂුද්‍ර කර්මාන්ත 264ක් විනාශ වී ඇති බවත්, දහසකට පමණ රැකියා අහිමිව ඇති බවත් මෙම කර්මාන්ත කඩිනමින් නගා සිටුවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.
‘‘ජල ගැලීමෙන් හානියට පත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල සුළු හා මධ්‍ය පරිමාණ සහ ක්‍ෂුද්‍ර කර්මාන්ත පිළිබඳ ව සමීක්ෂණයක් කරන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයට සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ට මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යාවරයා තවදුරටත් පැවසීය.
ජල ගැලීමෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 264ක් විනාශ වී ඇති බව දැනට සොයාගෙන ඇත.
එම කර්මාන්තවල තිබූ මිලියන 78කට අධික වටිනාකමක් සහිත යන්ත්‍රෝපකරණ විනාශ වී ඇති අතර, ගොඩනැගිලිවලට සිදුවී ඇති හානිය  මිලියන 54කට අධික වේ. දහසකට පමණ රැකියා අහිමි වී ඇත.  එම ව්‍යාපාර නැවත ගොඩනැගීම සඳහා රුපියල් මිලියන 162ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති අතර, හානියට පත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත යළි නගා සිටුවීමට අවශ්‍ය සියලු ම ක්‍රියාමාර්ග ගැනීමට තම අමාත්‍යාංශය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ධීවර ක්ෂේත්‍රයේ ආයෝජනයට නවසීලන්ත සහාය

Mohamed Dilsad

පරිප්පු ආනයනකරුවන්ට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

ඩොලරයේ විකුණුම් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment