ප්‍රමුඛ පුවත 1

ජාතික තිරසාර සැලැස්ම අද අගමැති ප්‍රධානත්වයෙන් එලි දකී

(උදයම්, කොළඹ) ජාතික තිරසර සංවර්ධන සැලැස්මේ ආර්ථික සැලැස්ම අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමට නියමිතයි .

තිරසර යුගයක සංවර්ධන දැක්ම පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
මෙම ජාතික වැඩපිළිවෙළ 2030 දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

කිසිඳු දේශපාලන භේදයකින් තොරව හරිත විප්ලවය ජෛව සංවේදී මානව ශිෂ්ටාචාරයක් ගොඩනැගීමේ අරමුණින් කරුණු 17ක් ඔස්සේ මෙය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව මෙහි ආර්ථික සැලැස්ම අද දිනයේදී එළිදක් වනු ඇත.

එමගින් මෙරට ආර්ථිකය ඉහළ නැංවීම රජයේ ප්‍රධාන අරමුණයි.

මීට අමතරව කඳුරට උප ආර්ථික කවුළුවක් ලෙස ද ආර්ථිකය ඉහළ නැංවීමට රජය සැලසුම් කර තිබේ.
ආදායම් ඉහළ නැංවීම, මධ්‍යම පංතිය ප්‍රතිසංස්කරණය, රැකියා දස ලක්ෂයක් ආරම්භ කිරීම ද මෙම ආර්ථික සැලැස්ම හරහා සිදු කෙරෙන බව රජය පවසයි.

Related posts

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීම පිළිබඳව කිසිදු ගැටළුවක් නෑ -ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය

Mohamed Dilsad

මාධ්‍ය ඔස්සේ ගෙනගිය අසත්‍ය පුවතක් ගැන ඉඳුනිල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයට ජනපති එක් වෙයි

Mohamed Dilsad

Leave a Comment