ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය යාන්ත්‍රණයම ආපදා තත්ත්වයේ දී ඉහළ කැපවීමක් කළා- ඇමති වජිර අබේවර්ධන

(උදයම්,කොළඹ)  –  ඉතාමත් ශක්තිමත්ව සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ආපදා තත්ත්වයේ දී ඉහළ කැපවීමක් සිදු කළ බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

අමාත්‍යවරයා මේ බව අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, රටේ ඇති වූ ගංවතුර ආපදා තත්ත්වය පිළිබඳව පැවැති විවාදයේ අඳහස් දක්වමිනි.

ආපදාව සිදුවඇති වූ තැන සිට සියලු  රාජ්‍ය යාන්ත්‍රණයම ක්‍රියාත්මක කර තිබුණේ. උදේ 6.30 වනවිට ගුවන් හමුදාව යැව්වා. ජීවිත බේරාගත්තා. ගංවතුරෙන් ජීවිත බේරා ගන්න ජීවිත පරදුවට තියා ගුවන් හමුදාව කටයුතු කළා. එහෙත් මෙහෙයුම් නැවැත්වූවේ නෑ. ගාල්ල හා මාතර, කළුතර, රත්නපුර රජ්‍ය නිලධරීන් මුණගැසුණා. පළමු පියවර ලෙස ජීවිත බේරාගන්න කටයුතු කළා.

ජීවිත කබා ගුවනින් දැම්මා. ආපදාවට පත් වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිවාසවලට කල් ඇතිව ජීවිත ආරක්ෂක කබා දෙන්න බලාපොරොත්තු වෙනවා.  රජය හැටියට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා ගංවතුර පාලනයකිරීමේ තැනකට ගමන් කිරීමට. ආපදා තත්ත්වයට රජය හැටියට ඉතාමත් ශක්තිමත්ව, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඉහළ කැපවීමක් සිදු කළා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Related posts

රටේ පොදු ප‍්‍රවාහන සේවාව මගී ජනතාවගේ ප‍්‍රසාදයට හේතු වන සේවාවක් – ජනපති

Mohamed Dilsad

එයාර් ඒෂියා කොළඹ හා තායිලන්තය අතර සෘජු ගුවන් ගමන්

Mohamed Dilsad

අගමැති වියදම් කැපිමේ යෝජනාව සම්මතයි – පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ

Mohamed Dilsad

Leave a Comment